ඉන්දීය සමූහ ව්‍යාපාරයක් වන ටාටා හි (Tata) හිටපු සභාපති රතන් ටාටා (Ratan Tata) මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මිය යන විට ඔහු 86 වන වියේ පසු වූවා.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ ඔහු ඊයේ (09) මුම්බායි රෝහලකදී මිය ගොස් ඇති බවයි.