5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 03ක් ඉවත් කර අවසන් ලකුණු ගණනය කිරීමට විභාග දෙපාර්තමේන්තුව ගත් තීරණයට විරෝධය පළ කරමින් අද (18) විභාග දෙපාර්තමේන්තුව ඉදිරිපිටදී දෙමව්පියන් විරෝධතාවයක නිරත වුණා.
ඔවුන් ඉල්ලීම් කරන්නේ පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අවලංගු කරන ලෙසය.
ඒ අනුව විරෝධතාවයේ නියැලුණ දෙමාපියන්ගෙන් කිහිපදෙනෙකුට විභාග දෙපාර්තමේන්තුව තුළට ගොස් ලිපියක් භාරදීමට අවස්ථාව හිමිවුණා.
මේ වනවිටත් දෙමාපියන් විරෝධතාවයේ නියැලෙන අතර, පොලීසිය සහ කැරලි මර්දන ඒකකය එම ස්ථානයට ගෙන්වා ඇතැයි වාර්තා වනවා.
2024, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පසුගිය ඉරිදා පැවති අතර ඊට අපේක්ෂකයන් 323,879ක් පෙනී සිටියහ.
කෙසේවෙතත් මෙවර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කිහිපයකට සමාන ප්‍රශ්න සහිත අනුමාන ප්‍රශ්න පත්‍රයක් අලව්ව ප්‍රදේශයේ උපකාරක පන්ති ගුරුවරයෙකු විභාගයට පෙර ප්‍රසිද්ධ කර තිබූ බවට චෝදනා එල්ල වුණි.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව කඩිනම් විමර්ශනයක් සිදුකළේ ඒ සම්බන්ධයෙන් පාර්ශ්ව රැසකින් පැමිණිලි ඉදිරිපත් වූ පසුබිමකය.
ඒ අනුව ප්‍රශ්න පත්‍රය සකස් කළ විද්වත් මඩුල්ලේද එකඟත්වය ඇතිව අදාළ ප්‍රශ්න 03 ඉවත් කර අවසන් ලකුණු ලබාදීමට විභාග දෙපාර්තමේන්තුව ඊයේ තීරණය කළා.