ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති  පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් මහතාගේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු වැඩ බලන මහ ලේකම් සාරතී දුෂ්මන්ත මහතාගේ සහාය, මෙවර ජනාධිපතිවරණයේදී ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස තරග කරන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදෙන බවට මීට සුළු වේලාවකට පෙර සහතික විය.


මීට සුළු වේලාවකට පෙර ෆලවර් රෝඩ් හි ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලයේදී, රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රභලයින් දෙදෙනා මෙසේ ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කරවීම සදහා එක්වූවේය.