විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල වෘත්තීය සමිති දියත් කර තිබූ වැඩවර්ජනය අද (15) සිට අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.


ඒ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති සහ අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.


විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල සේවකයින් දින 75ක් පුරා වැඩවර්ජනයේ නිරතව සිටියා.