නව සම සමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ජිවිතක්ෂයට පත්වන විට ඔහුගේ වයස අවුරුදු 81ක්.

වාමාංශික දේශපාලන නායකයෙකු වූ ඒ මහතා කම්කරු සටන් වෙනුවෙන් කැපී පෙනෙන මෙහෙවරක නිරත වු අතර ඒ වෙනුවෙන් සිරගතවීමට පවා ලක්වුණා.